අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවාද යන්න පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ජාතික පාසල් හා බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමේ ප්‍රධානෝත්ස්වය අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කොළඹ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ සියලු පළාත්වල ගුරුවරුන් 7,342ක් සඳහා මෙලෙස අද පත්වීම් ලබාදීම සිදුකෙරිණි.