27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරාධපුර - ඕමන්තේ දුම්රිය සේවය යළි ඇරඹේ

අනුරාධපුර – ඕමන්තේ දුම්රිය සේවය යළි ඇරඹේ

අනුරාධපුරය සහ ඕමාන්තේ අතර දුම්රිය ගමනාගමන කටයුතු ලබන මාසයේදී යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහනට අනුව යළි ආරම්භ කෙරේ.

නඩත්තු කටයුත්තක් සඳහා පසුගිය ජනවාරි මාසයේදී අනුරාධපුරය සහ ඕමාන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණා.

ඉන්දීය ණය ආධාර යටතේ රුපියල් බිලියන 33ක වියදමින් කිලෝමීටර් 62ක දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇත. ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.