― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයාපනය සරසවි සිසුන් 28කගේ පන්ති තහනම ඉවතට

යාපනය සරසවි සිසුන් 28කගේ පන්ති තහනම ඉවතට

යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ කණ්ඩායම් ගැටුමක් හේතුවෙන් කළමනාකරණ හා වාණිජ පීඨයට ඇතුළුවීම තහනම් කර තිබූ සිසුන් 28 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

යාපනයේ ඇතිවූ ගැටුමෙන් තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ හිසට බරපතළ තුවාල සිදුවූ අතර ඔහු වහාම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන් අනතුරුව සිද්ධියට සම්බන්ධ දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට අධ්‍යයන කටයුතුවල නිරතවීම සහ නේවාසිකාගාරය ඇතුළු විශ්වවිද්‍යාලයේ කිසිදු ස්ථානයකට ඇතුළුවීම තහනම් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පසුගිය සතිය පුරා සිදු වූ අතර පරීක්ෂණ අවසානයේ සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් දෙවන වසරේ සිසුන් 03 දෙනෙකු හැර 28 දෙනෙකුට පනවා තිබූ පිවිසුම් තහනම ඉවත් කළ බව කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිමලදාසන් නිවේදනය කළේය.