පා.ම. සෙල්වම් අඩෙයිකලනාදන්
බඩු මිල දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් ඇති නිසා දිළිඳු ජනතාව වෙනුවෙන් සහාන සැලසීමක් හෝ බඩු මිල අඩු කිරීමක් හෝ සිදු කරණ ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමිනි.
එම ලිපියේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි. ආණ්ඩුවේ පාලනයකින් තොරව සීනි ,පිටි හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ඉතා සීග්‍රයෙන් වැඩි වී ඇති අවස්ථාවක ආණ්ඩුව ලබා දෙන රුපියල් 2000 ක දීමනාව දින දෙකකටවත් ප්‍රමාණවත් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා සඳහන් කොට තිබේ.
භාණ්ඩ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මාධ්‍යවලට අදහස් දක්වන රජයේ ඇමැතිවරු විහිළු කතා කියමින් ප්‍රශ්නයෙන් පැන යනවා. ජනතාව ආණ්ඩුවක් පත් කර ගන්නා ලද්දේ එවැනි කතා ඇසීමට නොව සහනයන් ලබා ගැනීමට බවද එම ලිපියේ සඳහන් කොට තිබේ.
උතුරු ප්‍රදේශය ගැන සලකා බලන විට යාපනය හැරෙන්නට අනෙක් දිස්ත්‍රික්ක හතරේම ජනතාව ජීවත් වන්නේ ද්‍රරිද්‍රතා රේඛාවෙන් පහල කොටසේ බවත් දිවයිනේ තවත් එවැනිම දිස්ත්‍රික්ක ඇති නිසාත් මේ සියලු ජනතාවට බඩු මිල දරා ගෙන ජීවත් වීමට නොහැකි නිසා වහාම බඩු මිල අඩු කිරීමට හෝ රජයේ සහන වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ලිපිය මඟින් ඉල්ලීමක් කොට තිබෙනවා. වසර දෙකක්ම කොරෝනා වසංගතය පැවතීම නිසා මේ රටේ ජනතාවගේ සියලු ආර්ථික උත්පාදන මාර්ග ඇහිරී ගොස් එක රුපියලක් හෝ උපයා ගැනීමට නොහැකිව සිටින මේ මොහොතේ ආණ්ඩුව ඔවුන් ගැන වහාම සොයා බැලිය යුතු බව ද වෙළෙඳ ඇමැතිවරයා ඊට මැදිහත් විය යුතු බව ද සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා සිය ලිපියේ වැඩි දුරටත් සඳහන් කොට තිබේ.
උතුරු පළාත් විශේෂ