― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපදමට මත් වූ මල්ලි අතින් අයියා අවසන් ගමන් යයි

පදමට මත් වූ මල්ලි අතින් අයියා අවසන් ගමන් යයි

බලංගොඩ, සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

බාල සොහෝදරයෙකු විසින් වැඩිමල් සහෝදරයාට මෙලෙස පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පහරදීම සිදුකළ පුද්ගලයා බීමත්ව සිට ඇති අතර ඔහු සිය මව, පියා සහ වැඩිමල් සහෝදරයා සමඟ ඇතිකරගත් බහින් බස්වීමක් දුර දිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ බලගහමුල ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයක්. ඔහුගේ මෘත ශරීරය මේ වනවිට බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (19) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.