― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගුවලින් ආරක්ෂා වෙන්න සිසුන්ට දිග ඇඳුමක්

ඩෙංගුවලින් ආරක්ෂා වෙන්න සිසුන්ට දිග ඇඳුමක්

පාසල් නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අවසර හිමිව තිබෙනවා.

ඩෙංගු රෝගය බෝවීමෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම නව වැඩපිළිවෙල දිවයිනේ සෙසු පළාත්වල ද ක්‍රියාත්මක කිරීමට ඩෙංගු සහ කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේ දී යෝජනා ඉදිරිපත්ව ඇති බව සඳහන්.

බස්නාහිර පළාතෙන් මේ වනවිට රෝගීන් සංඛ්‍යාව 22,881ක් වාර්තා වන අතර එය ප්‍රතිශතයක් ලෙස 49.9% ක්.