― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදරුවන් පොලඹවා ගන්නා ප්‍රකාශ Facebook දැමූ සැකකරු අත්අඩංගුවට

දරුවන් පොලඹවා ගන්නා ප්‍රකාශ Facebook දැමූ සැකකරු අත්අඩංගුවට

ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කුඩා දරුවන් පොළඹවා ගැනීමේ විවිධ වාක්‍ය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්කළ පුද්ගලයෙකු නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම පුද්ගලයා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

‘පුංචි ළමයිට ආසයි – තුරුළු කරගන්න ආසයි’ යනුවෙන් කුඩා දරුවන් ඒ කෙරෙහි පොළඹවා ගැනීම සඳහා විවිධ වැකි සැකකරු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව පරිගණක අපරාධ ඒකකය මඟින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස 30 හැවිරිදි වියේ පසුවන මෙම අවිවාහක පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පාපොච්ච්රණය කර ඇත්තේ තමන් කුඩා කාලයේදී අපයෝජනයට ලක් වූ බවයි.

ඒ හේතුවෙන් එම මතකය සිතෙහි ගැබ්ව තිබෙන බැවින් මෙවැනි වාක්‍ය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඈත්තේ. එම ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසන පොලිසිය සැකකරුගේ එම ක්‍රියාවන් හේතුවෙන් කුඩා දරුවන්ට හානියක් වී තිබේද? ඔහු මුදල් උපයා තිබේ ද? යන්න පිළිබඳව විමර්ශන ආරම්භකර තිබෙනවා.

එමෙන්ම ඔහු කුඩා දරුවන් සම්බන්ධයෙන් එවැනි ආකාරයේ වැකි ප්‍රසිද්ධියට පත් කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යන්න සොයා බැලීමට අංශ කිහිපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.