28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගම ඩිපෝ 40ක් වැසී යාමේ අවදානමක්

ලංගම ඩිපෝ 40ක් වැසී යාමේ අවදානමක්

ලංකා ගමනාගමන මණ්ඩලය සතු පාඩු ලබන ඩිපෝ වසා දැමීමේ අවදානමක් ඇති බව වාර්තා වෙයි.

ලංගම සතු ඩිපෝ 107 න් ඩිපෝ 40 ක් මේ වන විට අඛණ්ඩව පාඩු ලබන තත්වයේ තිබෙන බවත් එම ඩිපෝවලින් වැඩි සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ වන බවත් එහි නිලධාරියෙක් සඳහන් කළේය.

පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පෙර පාඩු නොලබන තත්වයට පත්කිරීමට මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව කී එම නිලධාරියා පැවුසවේ එම ක්‍රියාමාර්ගය අසාර්ථක වුවහොත් වසා දැමීමට සිදුවන බවයි.