26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන සතියේ අලුත් පොලිස්පතිවරයෙක්

ලබන සතියේ අලුත් පොලිස්පතිවරයෙක්

ලබන සතියේදී නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචිමාර්ග වාර්තා කරයි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටි නමුත් රජය විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදුන් අතර ඒ අනුව පොලිස්පතිවරයාගේ සේවා කාලය ලබන (26) වැනිදායින් අවසන් වීමට නියමිතය.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කෙරෙන නිලධාරියා කවුදැයි තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.