25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙලේසුදාට එරෙහි නඩුවට දින දෙයි

වෙලේසුදාට එරෙහි නඩුවට දින දෙයි

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 15කට අධික වත්කම් සහ මුදල් උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින ගම්පොළ විතානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා ඥාති සොයුරියකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හය දෙනෙකුට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් මුදල් වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රුපියල් කෝටි 15 ක ට ආසන්න ඊට ඉඩම්, නිවාස ඇතුළු වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.