ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ ජූනි 23 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔවුන් යවනු ලබන්නේ ‘standby options’ හෙවත් යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක්කිරීමට බවයි.