― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑළවළු මිල අහස උසට

එළවළු මිල අහස උසට

මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ඊයේ (20) ඉතා ඉහළ අගයක් ගත් බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ මැනිං එක්සත් ප්‍රගතිශීලී සංගමය පැවසීය.

එමෙන්ම කෙසෙල් ඇතුළු පලතුරුවල මිල පහත බැසීමක්ද දක්නට ලැබේ.

ඊයේ කැරට් තොග කිලෝවක් රුපියල් 300 කටද, බීට් කිලෝවක් රුපියල් 200 කටද, බෝංචි කිලෝවක් රුපියල් 400 කටද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 300 කටද, වම්බටු කිලෝවක් රුපියල් 200 කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 700 කටද, පතෝල කිලෝවක් රුපියල් 250 කටද, වට්ටක්කා කිලෝවක් රුපියල් 100 කටද, පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 100 කටද, කැකිරි කිලෝවක් රුපියල් 120 කටද අලෙවි වී තිබේ.

සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 50 කටද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 300 කටද , ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 100 කටද, අඹ කිලෝවක් රුපියල් 250 කටද, කොමඩු ගෙඩියක් රුපියල් 150 කටද, ගස්ලබු ගෙඩියක් රුපියල් 150 කට ද අලෙවි කෙරුණි.

පලතුරු මිලදී ගැනීමට එන පාරිභෝගික ජනතාවගේ ඉතා අඩුවක් දක්නට ලැබී ඇත.