විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු දැනුම්දීම සදහා ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව 1997 කෙටි දුරකථන අංකය ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි, උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක වන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකියි.