මධ්‍යම පැරීසියේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර ප්‍රංශ අගනුවර Rue Saint-Jacques හි නිර්මාණ පාසලක් සහ කතෝලික අධ්‍යාපන පද්ධති මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.
අවම වශයෙන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි විශ්වාස කෙරෙන බවත් හදිසි සේවකයින් සෝදිසි කිරීමේ කටයුතු සිදුකරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ පිපිරීමට පෙර දැඩි ගෑස් ගඳක් පැතිරුණු බවත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බවත්ය.
කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.