30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්නැයි ඉල්ලීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්නැයි ඉල්ලීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පැවසීය.

ඇය මේ බව සඳහන් කළේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

ඇය එහිදී පෙන්වා දී ඇත්තේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බවත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවත් ඇය එහිදී ප්‍රකාශ කළාය.

විරෝධතා නායකයින් අත්අඩංගුවට ගැනීම, විකට සංදර්ශන අතරතුර සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, විරෝධතාවල නිරත වූ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම යන කාරණා පිළිබවද එම ප්‍රකාශයේදී අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.