23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් සැරයන්ට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

පොලිස් සැරයන්ට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

ඇල්පිටිය නවඳගල විද්‍යාල ක්‍රීඩාපිටියේ පැවති සැණකෙළියක ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයකුගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැණකෙළිය ආ දෙපිරිසක් අතර හටගත් ගැටුමක් මැඩපැවැත්වීමට යාමේදීයි පොලිස් සැරයන්වරයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම පහරදීම සම්බන්ධයෙන් එහි සිටි සෙසු පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.