ශ්‍රී ලංකාව සහ ඝානාව ලබා ඇති ප්‍රගතිය සතුටුදායක බවත් එය ඇමරිකාව දිරිමත් කර ඇති බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවාය.
නව ගෝලීය මූල්‍ය ගිවිසුම් සමුළුවට සහභාගිවීමට පෙර පැරිසියේ පැවැති ජාත්‍යන්තර මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ ණය සාකච්ඡා සඳහා පූර්ණ හා කඩිනම් සහභාගීත්වය සඳහා යොමු කිරීමට එක්සත් ජනපදය සැලසුම් කර ඇති බවත් ශ්‍රී ලංකාව සහ ඝානාව ලබාදෙන මූල්‍ය සහතිකවලට අනුකූලව ණය සහන ලබාදිය යුතු බවත් ඇය එහිදී සන්දහන් කළාය.