― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋඩරට මාර්ගයේ දුම්රියක් පීලිපනියි

උඩරට මාර්ගයේ දුම්රියක් පීලිපනියි

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (23) උදෑසන තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර 118 ¼ සැතපුම් කණුව අසල පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. දුම්රියේ එක් භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් පීලිපැන ඇති අතර එය පීලිගත කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය වන සීමාවනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනයවන දුම්රිය තලවකැලේ සහ හැටන් දුම්රිය ස්ථාන දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වාත් සීමා කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.