චීනයේ බීජිං අගනුවර අද ඉහළම උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම අගය සෙල්සියස් අංශක 41 යි දශම එකක් ලෙස සටහන් වී ඇති අතර බීජිං අගනුවරය මෙලෙස දැඩි උෂ්ණත්වයක් ලැබී ඇත්තේ වසර 60කට පසුව බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.
මෙම උෂ්ණත්වය මේ මාසය අවසන් වනතුරු පැවතිය හැකි බවටයි චීන කාලගුණ අංශ නිවේදනය කර ඇති අතර බීජිං අගනුවර මිලියන 21 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙයි.
විදෙස් මාධ් වැඩිදුරටත් වාර්තා කරන්නේ පසුගිය මාසයේදී වැඩිම උෂ්ණත්වයක් ෂැංහයි නුවරින්ද වාර්තා වූ බවයි.