― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් උපන් ගමට ලැබුණු වටිනා තෑග්ග

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් උපන් ගමට ලැබුණු වටිනා තෑග්ග

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක තංගරසු නටරාජන්ගේ මුදලින් ගොඩනැඟූ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඔහුගේ උපන් ගම වූ සේලම් දිස්ත්‍රික්කයේ චින්නපම්පට්ටි හිදී ඊයේ විවෘත කරනු ලැබුවා.

ඉන්දියාවෙන් බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙක් වන දිනේෂ් කාර්තික්ගේ අතින් මෙම ක්‍රීඩාංගණය විවෘත කළ බවයි එරට මධ්‍ය වාර්තා කළේ.

නටරාජන් ඔහුගේ ක්‍රිකට් ඇකඩමිය හරහා ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන දක්ෂ ග්‍රාමීය තරුණ තරුණියන් බිහි කිරීමේ උත්සාහයක මේ වනවිට නිරතව සිටිනවා.

එහි තවත් පියවරක් ලෙස තමන් උපන් ප්‍රදේශය වූ සාලෙම් දිස්ත්‍රික්කයේ චින්නපම්පට්ටි ගම්මානයේ ඉඩමක් මිලදී ගෙන ඔහුගේම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිර්මාණය කරමින් එය උපන් ප්‍රදේශයටම තිළිණ කිරීමට මෙලෙස කටයුතු කරණු ලැබුවා.

නටරාජන් විසින් නිර්මාණය කරන ලද මෙම ක්‍රීඩාංගණයේ තණතීරු හතරක්, පුහුණු තණතීරු දෙකක්, ව්‍යායාම් ශාලාවක්, ආපන ශාලාවක් සහ ප්‍රේක්ෂකයින් 100 කට අසුන් ගත හැකි කුඩා ප්‍රේක්ෂකාගරයකින් සමන්විත වනවා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් අතින් ක්‍රීඩාංගණය විවෘත කළ අවස්ථාවට චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන විධායක නිලධාරී විශ්වනාදන්, තමිල්නාඩු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අශෝක් සිගාමනී ඇතුළු පිරිසක් සහභාගීව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

තංගරසු නටරාජන් සැළකෙන්නේ දුප්පත් තැනකින් ගමන් අරඹා ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම ජීවිතය සාර්ථක කරගත් දක්ෂ ක්‍රීඩකයෙකු ලෙසයි.