― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportසිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අද (24) පැවැති තරගයකින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 35කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කන්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් ලබාගත්තේය.

ලකුණු 269ක ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 233ක් පමණි.