― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචමුදිතගේ නිවසට ප්‍රහාරයක්

චමුදිතගේ නිවසට ප්‍රහාරයක්

හිරු මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට අද (14) අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

අද (14) අලුයම 2.10ට පමණ වහළයට යම් ප්‍රහාරයක් එල්ල වූ බවට ඇසුණු ශබ්දයක් සමග ඔහු එය පරීක්ෂා කර ඇති අතර එහිදී නිවසේ ජනෙල් බිඳී ඇති අයුරු දක්නට ලැබු බවත් අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබු බවත් මාධ්‍යවේදී චමුදිත ප්‍රකාශ කරයි.

සිව්දෙනෙකුගෙන් යුත් නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙක් වාහනයකින් පැමිණ තමා සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට තුවක්කුවක් තබා තර්ජනය කර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් මුහුණු සම්පූර්ණයෙන් වසා සිට ඇති අතර ඔවුන් නිවසට ඇතුළු වන අයුරු නිවසේ සවිකර තිබූ CCඨ්V කැමරාවේ සටහන්ව තිබේ. අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් තමාට තර්ජනය කිරීම් සිදුකළ බව චමුදිත සමරවික්‍රම පැවසීය.