28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

ඖෂධ වර්ග 60ක මිල අද (26) සිට 16%කින් අඩු කිරීමට නියමිතය.

ඒ අනුව පසුගිය 15 වැනිදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක කෙරේ.

ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500යේ පෙත්තක මිල රුපියල් 3.49ක් වන අතර ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යේ කුප්පියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270.02ක් ලෙසයි.