― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හයදෙනාගේ වටයට

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හයදෙනාගේ වටයට

සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හයදෙනාගේ වටයට’ සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත් විය.

ඊයේ බුලවායෝහිදී පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 133 කින් අයර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමඟ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක ඉලක්කය හඹාගිය අයර්ලන්ත පිල ඕවර 31 කදී ලකුණු 192 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම තරගාවලියේදී පිට පිටම දෙවැනි වරටත් සාර්ථක වූ වනිඳු හසරංග ලකුණු 79 කට කඩුලු 5 ක් දවාගනිමින් ජයග්‍රහණය පහසු කළේය.

දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ලට ලකුණු 168 ක සම්බන්ධතාවත් පවත්වමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

දිමුත් කරුණාරත්න පන්දු 103 කදී හතරේ පහර 8 ක් මගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත් වූ අතර එය දිමුත්ගේ පළමු එක්දින ජාත්‍යන්තර ශතකය වේ.

සදීර සමරවික්‍රම පන්දු 86 කින් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 82 ක් රැස්කළේය. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු වටයේ සිවුවැනි සහ අවසන් තරගය ස්කොට්ලන්තයට එරෙහිව හෙට (27) පැවැත්වීමට නියමිතය.