වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කැරට්, බෝංචි, බණ්ඩක්කා, බටු, කරවිල, බීට් රූට්, පතෝල, වැටකොළු ආදි එළවළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
එමෙන්ම පසුගිය කාල සීමාවේදී මිල පහත වැටුණු පතෝල කිලෝග්‍රෑමයක් රුපියල් 400 දක්වාත් කරවිල කිලෝග්‍රෑමයක් රුපියල් 600 දක්වාත් වැටකොළු කිලෝග්‍රෑමයක් රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබේ.