― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldටයිටන් පි+පිරීමට හේතුව සොයා විශේෂ පරික්ෂණයක්

ටයිටන් පි+පිරීමට හේතුව සොයා විශේෂ පරික්ෂණයක්

මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව සොයා ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණයට සහාය දැක්වීම සඳහා කැනඩාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය යන රටවල් ද එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ ප්‍රධාන විමර්ශන නිලධාරී කපිතාන් ජේසන් නියුබවර් සඳහන් කළේ ටයිටන් හි මෙම පරීක්ෂණයෙන් අනාගත ඛේදවාචක වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවයි.

මෙලෙස පුපුරා ගිය ටයිටන් සබ්මැරීන අනතුරින් බ්‍රිතාන්‍ය බිලියනපති ව්‍යාපාරිකයෙකු වන හේමිෂ් ගාඩින්ග්, ටයිටන් සබ්මැරීනය අයත් ඕෂන් ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි පාකිස්ථාන ධන කුවේරයෙකු වන ෂෂාඩා ඩවුඩ් සහ ඔහුගේ මෙන්ම ටයිටන් මෙහෙයුම්කරු වන ප්‍රංශ ජාතික පෝල් ඔන්රි නාජුලේ සහ ඕෂන් ගේට් ප්‍රධාන විධායක නිලධාරි 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ් යන අය ජීවිටක්ෂයට පත් විය.