― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවත් පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක කාරක සභාවෙන් මේ වනවිටත් ලැබී ඇති බවත් එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග සඳහන් කළේය.

මේ අතර පුරාවිද්‍යා ආඥා පනත සහ දඩ මුදල් අය කිරීමේ පනත අනුව පුරාවස්තු සොරකම් කරන පුද්ගලයෙකුට වසර 03ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 5 දඩ මුදල් අධිකරණයට නියම කළ හැකිය.