― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනැවත ඉන්ධන මිල වැඩි වෙයි?

නැවත ඉන්ධන මිල වැඩි වෙයි?

ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනාවක් අද (14) විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිලට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යාමත් සමඟ මිල ඉහළ නැංවීමක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

පසුගිය 07 වැනිදාද ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බව සඳහන් කරමින් අමාත්‍යවරයාට යෝජනාවක් ලබාදුන් අතර රුසියාව සහ යුක්රේනය අතර යුද උණුසුමක් පැන නැගීම සහ ඇමරිකානු මධ්‍යම සංචිතය මගින් පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවණතාව හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරන සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 50ක පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක පාඩුවක් ලබයි. ලංකා අයි.ඕ.සී. සමාගම පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූ අතර ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 03කින් ඉහළ දමනු ලැබීය.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 3.3කින් පමණ ඉහළ ගිය අතර එම මිල සටහන් වූයේ ඩොලර් 94 යි ශත 44 ක් ලෙසයි. ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද සියයට 3.6කින් පමණ ඉහළ ගොස් ඩොලර් 93 යි ශත 10 ක් ලෙස සටහන් වුණා. ඛනිජ තෙල් මිල මේ වසරේදී මේ වනවිට සියයට විස්සට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.