28.4 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවවුනියාවේ හෙක්ටයාර 200ක් තායිලන්ත සමාගමකට

වවුනියාවේ හෙක්ටයාර 200ක් තායිලන්ත සමාගමකට

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වවුනියාවේ හෙක්ටයාර 200 ක ඉඩම් කොටසක්
තායිලන්තයේ සුටෙක් ෂුගර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික ආයතනය වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ.

වවුනියාවේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 200 ක ඉඩම් කොටසකුයි මෙලෙස තායිලන්තයට ලබාදීමට තීරණය කර ඇත්තේ.

ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර එම ආයතනය මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙමගින් සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 25,000 ක් එනම් මෙරට සීනි අවශ්‍යතාවයෙන් සියයට 20ක් නිෂ්පාදනය කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග පවසන්නේ.