29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ නවසීලන්තයට එරෙහිව ඵෙතිහාසික ජයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ නවසීලන්තයට එරෙහිව ඵෙතිහාසික ජයක් ලබයි

සංචාරක නවසීලන්ත කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබල නවසීලන්ත පිල එක්දින තරගයකදී පරාජය කළ පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 83 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කිරීමට සමත් වූවාය. මෙය චමරිගේ හත්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වන අතර ඇය මෙම තරගයේදී එක්දින ලකුණු 3,000 ද සම්පූර්ණ කළාය.