― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශාෆ්ටර්ගේ මරණයේ සියලු වාර්තා අධිකරණයට කැඳවන්නැයි නියෝග

ශාෆ්ටර්ගේ මරණයේ සියලු වාර්තා අධිකරණයට කැඳවන්නැයි නියෝග

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව දැනට නිකුත් කිරීමට ඇති සියළුම ඩී එන් ඒ වාර්තා සහ දුරකතන දත්ත වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට අද (27) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කර අවසන් බවට රස පරික්ෂක දෙපාර්තමේන්තුව දුරකතනය මගින් දැනුම් දුන් බැවින් එම වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව අදාළ විශ්ලේෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළා.