25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කිහිපයක් කැනඩාවට ගොඩගසයි

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කිහිපයක් කැනඩාවට ගොඩගසයි

මුහුදුබත් වූ ටයිටන් සබ්මැරීනයේ ගොඩ ගසා තිබූ සුන්බුන් අතරින් මිනිස් අස්ථි කොටස් බවට සැක කෙරෙන කොටස් හමු වූ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

පසුගියදා මුහුදු අභ්‍යන්තරයේදී පුපුරා ගිය බවට සැක කෙරෙන ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කිහිපයක් කැනඩාවේ සාන්ත ජෝන් වෙරළ ප්‍රදේශයට ගොඩ ගසා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුන්බුන් අතරින් හමු වූ දේහ කොටස් අමෙරිකාවට රැගෙන ඒමෙන් අනතුරුව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර අදාඛ බලධාරීන් පවසන්නේ ටයිටන් සබ්මැරීනයට කුමක් සිදුවූයේ ද යන්න තවමත් අවිනිශ්චිත බැවින් නැවත මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා පුළුල් විමර්ශන සිදු කරන බවයි.