28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානය බලා ගිය ගුවන්යානයක් යළි කටුනායකට

ජපානය බලා ගිය ගුවන්යානයක් යළි කටුනායකට

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේම යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ.

ඒ එම ගුවන්යානයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන්. ඒ වනවිටත් ගුවන්යානය පැය 02යි විනාඩි 25ක කාලයක් ගමන් කර ඇති අතර ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බවට තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම (Indicate) නිසා, ගුවන් නියමුවා මෙම ගුවන්යානය නැවත කටුනායක ගුවන්තොටුපොළට අනතුරකින් තොරව ගොස් බැස්සවීමට පියවර ගෙන ඇත.

මෙම ගුවන්යානය තුළ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙක් ගමන් කර ඇති අට්තර එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.