26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට දින 05ක් බැංකු නිවාඩු

අද සිට දින 05ක් බැංකු නිවාඩු

අද (29) සිට දින පහක කාලයක් බැංකු සහ කොටස් වෙළෙඳපොළ වසා තැබේ.

අද බැංකුවලට විශේෂ නිවාඩු දිනයක් වන අතර අදට යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් හෙට දිබයේදී බැංකුවලට විශේෂ නිවාඩුවක් හිමිවෙයි.

මෙයින් පසු සති අන්ත නිවාඩු සහ සඳුදා පූර්ණ නිවාඩුවක් ලැබේ.

යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා නිවාඩු දින මාලාවක් අවශ්‍ය යැයි සැලකීම හේතුවෙන් හෙට දිනයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර බැංකු නිවාඩුවක් ද ලබා දී ඇත.

මෙම කාලසීමාව තුළ බැංකු සහ කොටස් වෙළෙඳපොළ වසා තැබෙන අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සහ අන්තර්ජාල බැංකු සේවා සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.