― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබෙල්ලන්විල පෙරහැර පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

බෙල්ලන්විල පෙරහැර පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73 වන වරටත් අගෝස්තු 02 වැනිදා සිට 20 වැනිදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පැවැත්වුණා.

පූජ්‍ය බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසනා පරිදි බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව විසින් පූජෝත්සවයේ සංවිධාන කටයුතු සිදු කරනු ලබනවා.

පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවරද ලබා ගනිමින් පුණ්‍යෝත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

1950 වර්ෂයේදී තුණුරුවන් මුල් කරගෙන කරනු ලැබූ පූජෝපහාරයක් ලෙස බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහෝත්සවය හා පෙරහැර මංගල්‍ය වත්මන් බෙල්ලන්විල නවෝදයේ නිර්මාතෘ අපවත්වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කළ අතර රටට, දැයට සෙත් පතමින් එය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා.