26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොර නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

හොර නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ මාකේවිට ප්‍රදේශයේ වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 6ක් සහ රුපියල් 50 ව්‍යාජ නෝට්ටු 17ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. එම පුද්ගලයාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහුට එම මුදල් ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ දෙල්ගොඩ ප්‍රදේශයේදීයි.

අවුරුදු 23 සහ 28 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා පෙතියාගොඩ සහ කිරිඳිවිට ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.