27.8 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට වෛද්‍යවරයෙකුට බ්‍රිතාන්‍යයේ ගෞරව සම්මානයක්

මෙරට වෛද්‍යවරයෙකුට බ්‍රිතාන්‍යයේ ගෞරව සම්මානයක්

මෙරට වෛද්‍යවරයෙකු බ්‍රිතාන්‍යයේ විශේෂ ඇගයීමකට ලක්ව තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න බ්‍රිතාන්‍යය රාජකීය ප්‍රසවවේද හා නාරිවේද සංගමය මගින් මෙලෙස ඇගයීමට ලක් කර ඇත.

ඊයේ (29) ලන්ඩන් නුවරදී ඔහුට සුවිශේෂී ගෞරව සම්මානයක්ද පිරිනැමීමට බ්‍රිතාන්‍යය රාජකීය ප්‍රසවවේද හා නාරිවේද සංගමය කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කාන්තා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් සිදු කරනු ලබන කැපවීම සලකා බලා මෙලෙස ඇගයීමට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

2009 වසරේ සිට මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ ජාතික වැඩසටහනේ කළමනාකරුවෙකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටු සාමාජිකයෙකු ද වන ඔහු මෙරට මාතෘ මරණ විමර්ශන ක්‍රියාවලිය ජාත්‍යන්තරය පිළිගත් ක්‍රමවේදයක් බවට පත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් වෙනත් රටවල සෞඛ්‍ය කණ්ඩායම් පුහුණු කිරීමටද මැදිහත් වූ සුවිශේෂී චරිතයකි.