29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍ර ලක්‍ෂ 8ක මුද්‍රණය අතරමග නවතී

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 8ක මුද්‍රණය අතරමග නවතී

මාස ගණනක සිට රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 08කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්වය හමුවේ මේ මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදු වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සඳහා ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීමයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් මාස 6 කට වැඩි කාලයක සිට රියදුරු බලපත්‍ර ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නොහැකිව ඇති බවයි එම දෙපර්තමේන්තුව සඳහන් කළේ.