31 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනව ගුවන් හමුදාපති වැඩ අරඹයි

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගුවන් හමුදා මූලස්ථානයේදී අද (30) පෙරවරුවේ වැඩ බාර ගෙන තිබෙනවා.

මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා වන රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ආනන්ද විද්‍යාලයෙන් ගුවන් හමුදාපති ධූරයට පත්වූ පළමුවැන්නා ද ඔහුයි.

ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම සහ ගම්පහ බණ්ඩාරනායක යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලැබූ උදේනි රාජපක්ෂ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් ද වනවා.