ටික්ටොක් මගින් තරුණියන් රැවටීමට ලක් කරන කණ්ඩායමක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ රඟපෑමට අවස්ථාව ලබා දෙන බව පවසමින් මුදල් ඉල්ලමින් ය.
මෙම කණ්ඩායම ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තරුණියන්ගේ ජංගම දුරකථන අංක ලබාගෙන ඇත.
ඉන්පසුව ඔවුන්ට කෙටි පණිවිඩ යවා තිබෙන බව පොලිස් විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.
පොලිසියට ලැබී ඇති බැංකු ගිණුම් අංක ,ජංගම දුරකථන දුරකතන අංක ඔස්සේ මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන සිදුකිරීමට තලංගම පොලිසිය පියවර ගෙන ඇත.