― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldප්‍රංශයේ විරෝධතා පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්

ප්‍රංශයේ විරෝධතා පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්

ප්‍රංශයේ විරෝධතා පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

පස්වන දිනටත් පැවැත්වෙන විරෝධතා අතරතුර මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යඛ්‍යාව 2300කට අධිකයි.

ඔවුන්අ බහුතරය අවුරුදු 13ක් 18ත් අතර වයස් වල පසුවන්නන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා 45, 000 කට අධික පොලිස් බල ඇණියක් ද කැඳවා තිබෙනවා.

පැරිස් නුවර මාර්ග බාධකයකදි පණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමක් සමග මෙම විරෝධතා හට ගැනුණා.

ඊයේ (01) ඔහුගේ පවමංගල්‍ය උත්සවය පැවැත්වුණු අතර, ඊට විශාල ජනකායක්ද සහභාගිවි තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.