යහපාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කොට වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රවාහන ගාස්තු වැඩි කරමින් මගී ජනතාව පීඩාවට පත් කිරීමට සූදානම් නොමැති බවත් නාස්තිය සහ වංචාව අවම කර ගත යුතු බවත් එහිදී මුදල් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.