23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටියක ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටියක ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මන්නාරම – පල්ලමඩු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම පොලිසිය සඳහන් කළේ මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි.

මන්නාරම පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදීයි මෙම ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම පේසාලේ සහ මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශවලට අයත් 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලීසුය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.