― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසෙල්ෆියක් ගන්න ගිය තරුණිය ඔයට වැටෙයි

සෙල්ෆියක් ගන්න ගිය තරුණිය ඔයට වැටෙයි

අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාංකය පිහිටි ස්ථානය අසළදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන්ව තිබෙනවා.

නිට්ටඹුව පොලිසිය පැවසුවේ කෙසෙල්වත්ත, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් ඊයේ (02) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්ව ඇති තරුණියගේ යෙහෙළියන් දෙදෙනෙකු ඔවුන්ගේ තිහාරිය ප්‍රදේශයේ පදිංචි ඥාති නිවෙසකට පැමිණ ඇති අතර මෙම තරුණිය ද ඔවුන් සමඟ එහි පැමිණ තිබෙනවා.

එහිදී තිදෙනාම අත්තනගලු ඔය අසලට පැමිණ ඇති අතර, එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය පය ලිස්සා අත්තනගලු ඔයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ තරුණිය සොයා නාවික කිමිඳුම් අංශය මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි සඳහන් කළේ.