― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැඩිහිටි කන්දේදී කැබ් රථයක් අනතුරට

වැඩිහිටි කන්දේදී කැබ් රථයක් අනතුරට

කතරගම වැඩිහිටි කන්ද දක්වා බැතිමතුන් රැගෙන යන අතුරු මාර්ගයේදී කැබ් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පවසන්නේ මෙම අනතුරින් තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඉහළමළුව සිට පහළමළුව දක්වා ධාවනය වූ බැතිමතුන් රැගත් කැබ් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අනතුරට ලක්වන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු සිට ඇති අතර ගමන්ගත් මගී කාන්තාවන් පිරිස සුළු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ කැබ් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.