30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට

පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ තිබේ.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට පෙනී සිටීම සඳහායි.

එම පෙත්සම් අද (04) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත අතර එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

පාස්කු ප්‍රහාර චෝදනාව සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෑතකදී නියෝග කර තිබුණි.