29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම් ආරවුලක් නිසා සෙබළෙක් දිවි හැර යයි

පෙම් ආරවුලක් නිසා සෙබළෙක් දිවි හැර යයි

පල්ලේකැලේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ යුද හමුදා සෙබලෙකු සිය දිවි හානි කරගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලීසිය පවසන්නේ ඔහු පදිංචි අම්පිටිය ප්‍රදේශයේ නිවස අසළ කැළයට ගොස් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන සිටියදී දින හතරකට පසු ඔහුගේ මෘත ශරීරය හමු වූ බවයි. පෙම්වතිය විරසක වීම හේතුවෙන් හමුදා සෙබළා මෙලෙස ගෙළ වැළලාගන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

එසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ 32 හැවිරිදි එක්දරු පියෙකි. ඔහු පල්ලෙකැලේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව සෙබල රියදුරෙකු ලෙස සේවය කොට ඇති අතර දින හතරකට පමණ පෙර නිවසෙන් බැහැරට ගොස් ආපසු නොපැමිණීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමේදී ඔහු නිවස අසල වන ලැහැබක ගසක එල්ලී මියගොස් සිටියදී ප්‍රදේශවාසීන්ට හමුව තිබේ.

මෙම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.