26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගුවන් ගමනක් අතරතුර 07කට තුවාල

ගුවන් ගමනක් අතරතුර 07කට තුවාල

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කරමින් තිබූ හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දැඩි කැළඹීමකට ලක්වීම හේතුවෙන් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව එම ගුවන් සේවය පවසයි.

හවායි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු CNN පුවත් සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානය Honolulu සිට පිටත් වී පැය පහකට පමණ පසු මෙම කැලඹීම ඇති වූ බවයි.

පැය 11කට ආසන්න කාලයකට පසු ගුවන් යානය සිඩ්නි නුවරට ගොඩබැස්සවීමෙන් පසු ගුවන්තොටුපළ වෛද්‍ය නිලධාරීන් තුවාලකරුවන්ට ප්‍රතිකාර කර තිබේ.

තුවාලකරුවන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පිටත් කර හැර ඇති අතර තවත් සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.