30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (05) සිට ලබන 07 වැනිදා දක්වා රැස්වීමට නියමිතවය.

ඒ අනුව හෙට දිනයේදී අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

06 වැනිදා දූෂණ විරෝධි පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ හා ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත විවාදය හා 07 වැනිදා ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ උදර්පණ පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.