― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋඩවලවේ පවුල් 89,000කට පානීය ජල ගැටළුවක්

උඩවලවේ පවුල් 89,000කට පානීය ජල ගැටළුවක්

උඩවලවේ පවුල් 89,000කට පමණ පානීය ජලය ලබාදීම ගැටළුවක් වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

උඩවලව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙනුයි ඔවුන් මෙම ගැටලුවට මුහුණ පා ඇත්තේ.

ඉදිරි දින කිහිපයේදී වර්ෂාව නොලැබුණහොත් ගොවිතැන් සඳහාද ජලය නිකුත් කළ හැක්කේ තවත් දින 10 ක පමණ කාලයක් පමණක් බවයි මහවැලි අදිකාරිය පවසන්නේ.

උඩවලව ජලාශයෙන් පවුල් 89,000 කට අධික සංඛ්‍යාවක් පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා අතර ගොවි පවුල් 36,000 ක් පමණ හෙක්ටයාර් 25,300 ක පමණ බිම් ප්‍රමාණයක වගා කටයුතු සඳහාද ජලය සපයාගනු ලබයි.